අලුත් අවුරුදු උත්සවය

ආගමික හා සංස්කෘතික උත්සවය

WhatsAppImage2024-06-25at123711AM.jpeg
WhatsAppImage2024-06-25at123711AM.jpeg

විදුහල්පති පණිවිඩය

පී.රත්නායක මයා

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලින්බිඳුණුවැව කලාපයේ මිහින්තලා කොට්ටාශයට අයත් අප පාසල මෙහි පාසල් අතරින් අති දුෂිකර පාසලකි.මෙම පාසල අප ප්‍රදේශයේ සියලු ජනී ජනයාගේ ගෞරවාදරයට පාත්‍ර වූ පාසලකි.මේ වන විට අ.පො.ස.(සා.පෙළ) දක්වා පංති ඇති අප පාසල අ.පො.ස. (උසස් පෙළ) සඳහා විශාල සිසුන් පිරිසක් බිහි කරන පාසලකි.ඒ වගේම මනා හික්මීමකින් විනය ගරුක කීකරු කමින් යුක්ත දරු පිරිසක් අප පාසලෙන් සෑම අවුරුද්දකම සමාජ ගත කරයි.කොට්ඨාශයේ සේම කලාපයේ සෙසු පාසල් සමග කරට කර දී තරඟ කළ හැකි සිසුන් පිරිසක් බිහි කිරීමේ ගෞරවණීය කැප කිරීම් කරන ඉගෙණුම් ඉගැන්වීම් කරලියේ සිටින්නා වූ මගේ ගුරු මණ්ඩලයේ සියලු දෙනාත් ඔවුන්ට නිරන්තර සහය දක්වන ආදරණීය දෙමාපියන් ඉතා ඕනෑකමින් පාසලේ සියලු කටයුතු සඳහා කැප කිරීම් කරන බව නොරහසකි.

මෙවන් කැප කිරීම් මැද අපගේ පාසලේ සියලු දරුවන්ගේ ගුණ ගරුක බව හා බුද්ධිමත් බව හා ඔවුන්ගේ අනාගතය සුභදායි වේවායි මා එක සිතින් පැතුමන් පතන අතර කොට්ඨාශයේ වගේම කලාපයේද හොඳම පාසල බවට පරිවර්ථනය කිරීමට මගේ බලාපොරොත්තුවයි.ඒ සඳහා මා හට නිසි මාර්ගෝපදේශය සිදු කරමින් අවශ්‍ය දැනුම ලබා දෙමින් පාසලේ උන්නතිය උදෙසාමවැඩ කටයුතු කරන අප කලාපයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය වගේම සංවර්ධන අධ්‍යක්ෂක තුමා (පාලන) ඉතා ගෞරවයෙන් යුක්තව සිහිපත් කරන අතර මා හට අවශ්‍ය මානව සම්පත් ලබා දීමේදි අප පාසල ගැන වැඩි අවධානයක් සිදු කිරීම නිසා එය ඉතාමත් කෘතවේදි සිහිපත් කරමින් මතු අනාගතයේ අප පාසල කලාපයේ හා කොට්ඨාශයේ හොඳම පාසල බවට පත් වේවා අන් සිත් හඳුනන අනෙකාට උදවු කරන දරු පරපුරක් බිහි වේවායි මාගේ පැතුමයි.

පී.රත්නායක මයා
විදුහල්පති
අ/ පහළ හල්මිල්ලෑව විදුහල.